ගැමි ජීවන අත්දැකීම් පදනම් කර ගත් ගැමි වහරින්, උපමාවෙන් හා පිරුලෙන් කතා රස ගැන්වීම ධර්මසේන හිමියන්ගේ රචනා රීතියෙහි විශේෂ ලක්ෂණයකි.
සද්ධර්මරත්නාවලී කතුවර ධර්මසේන හිමියන්ගේ පාඨකයෝ ගැමියෝ යි. තම කතාවලින් කුසල් අකුසල් පිළිබඳ හැඟීමක් ඇති කිරීමට නම් එම කතා රසවත් ව ඉදිරිපත් කළ යුතු බැව් කතු හිමියෝ වටහා ගත්හ. පාඨකයාගේ බුද්ධි ප්‍රමාණයත් රුචිකත්වයත් දත් ධර්මසේන හිමි තම අදහස් ලෙහෙසියෙන් පහසුවෙන් ඔවුන්ට අවබෝධ කරවීම සදහා උපමා පිරුළු උපයෝගී කර ගති. ගැමි පරිසරයෙන් හා ව්‍යවහාරයෙන් ද ගන්නා ලද උපමා ඇතුළත් කිරීමෙන් පාලියෙන් ගන්නා ලද කතාවේ ස්වරූපය අපූර්ව විදියකින් වෙනස් කරයි. මෙවැනි උපමා සද්ධර්මරත්නාවලියෙහි බහුලව දක්නට ලැබේ.
මට්ටකුණ්ඩලී කථාවෙහි එන "කෙළ ගණන් සම්පත් ඇති තැනැත්තෝ නුග ගස මහත් වත් නුග ඵලය කුඩා වන්නා සේ සම්පත් මහත් වූවත් අදහස කුඩා වන්නාසේ" යි යන උපමාව රසවත් අර්ථවත් ප්‍රබල චිත්ත රූප මැවිය හැකි උපමාවකි. ධනවතෙකු වූ අදින්න පුබ්බක බ්‍රාහ්මණයාගේ දෘඩ ලෝභය යෙදූ උපමාවෙන් ශ්‍රාවකයාට නිරායාසයෙන් වැටහේ. තවද එදිනෙදා ජීවිතයේ දී පොදු ජනයාගේ ඇදහිලි හා විශ්වාස ගහකොළ සතුන් ආදිය ඇසුරින් ගත් උපමා පිරුළු මෙකී කතාවෙහි දක්නට ලැබේ. එකී උපමා පිරුළු පුළුල් පරාසයක පැතිර යන්නා සේම අදහස අවස්ථා නිරූපණ හා චරිත නිරූපණ ප්‍රබලත්වයට පත් කරයි. මට්ටකුණ්ඩලී වස්තුවෙහි එන එවැනි උපමා තනි උපමාවක් ලෙස ද උපමා වැලක් ලෙසද භාවිත වී ඇති ආකාරය විශිෂ්ටය.
ධර්මසේන හිමියෝ අදින්න පුබ්බක පාණ්ඩු රෝගයට බෙහෙත් කරන ආකාරය දැක්වීමට "පය බරවායට පිටිකර බෙහෙත් බඳනා සේ ඇස් සරහන්ට තොල අඳුන් ගාන සේ" යන උපමා දෙකම යොදති. වෙදකම, යන්ත්‍ර මන්ත්‍ර, ලේඛනය, දඩයම, සායම් වර්ණ ගැන්වීම, ගොවිතැන ආදී විවිධ වෘත්තීන් සඳහා ඔවුන්ගේ එදිනෙදා ජන ජීවිතය ඇසුරෙන් සැකසුණු උපමා පිරුළු රත්නාවලියෙහි දක්නට ලැබේ පහත දැක්වෙන්නේ එවැනි උදාහරණ කිහිපයකි.
(ලේඛන වෘත්තිය)
(දඩයම)
(ධිවර කර්මාන්තය)
(ගොවිතැන)
උපමා රූපක වැළක් එකට ඇමිණීමද සද්ධර්මරත්නාවලී කතුවරයාගේ ලක්ෂණයක් වී ඇත. බොහෝවිට උපමා වැළක් එකට අමුණා ඇත්තේ බුදුන්වහන්සේ ගැන කෙරෙන වර්ණනාවලදී ය.
"බුදු ඇසින් ලොව බලන සේක් දස දහසක් සක්වළ නැමැති මහ මුහුද වසා නුවණ දැල දැමූ සේක් මට්ටකුණ්ඩලී නැමැති කුඩමසු පිල නැමැති දියකොල්බඩ හොත්තේ බුදුන්ගේ නුවණ දැලට තමා සම්භ වුවමනා හෙයින්"
" සඳ මඬලෙන් බාගයක් රත් වලා යෙකින් වසන කලක් පරිද්දෙන් වැළඳ ගෙන ඊ මත්තෙහි පබළු දළු සමූහයක් රන් පමුවකින් වෙළෙන කලක් පරිද්දෙන් විදුලියක් හා සමාන වූ පටී ධාතුන් වහන්සේ බැඳගෙන ඉක්බිති නුග පත් සමූහයක් වැනි වූ දෝ හෝ නොහොත් බඳු වදමල් ඇතිරියක් වැනි වූ සුගත් පොරෝනා සිවුර රත් පලසකින් ඇත් කුඹක් වසන්නාක් මෙන් ද.."
"බුදුරජුන් වහන්සේද හතක් තරු පිරිවරා නික්මුණු සඳ පරිද්දෙන් මහන ගණ පිරිවරා බමුණාගේ ගෙට වැඩ පනවන ලද බුදු හස්නෙහි යුගදුරු මුදුනෙහි වොරජනා ළහිරු මඬලක් මෙන් හුන් සේක. භික්ෂු සංඝයා වහන්සේ ද රන් නැවක් මධ්‍ය කොට පිපි වැහී ගිය රත් නෙලුම් වනයක් මෙන් වැඩ හුන් සේක"
ඉහත වර්ණනාවල දී වූව ද ධර්මසේන හිමි වැඩිපුරම භාවිත කොට ඇත්තේ සාමාන්‍ය මිනිසුන් දක්නා සහ දන්නා දේ ය.
"සද්ධර්මරත්නාවලියෙහි කතා වස්තුවට ඔබින බසින් වර්ණනා කරන ලද මට්ටකුණ්ඩලී කතාවෙහි "පයබරවායට පිටිකර බෙහෙත් බඳිනා සේ", ඇසි සරහන්ට තොල අඳුන් ගානා සේ", "ආඳා යවා තබා ලා වලපත ගත්තා සේ" යන ගැමියන්ගේ ප්‍රස්ථාවපිරුළු ස්ථානෝචිත බැවින් භාෂාවෙහි කතාවෙහි රසවත් භාවය දියුණු කරයි"
යන මසුරන් කියමන ධර්මසේන හිමියන්ගේ රචනා රීතියෙහි විශේෂ ලක්ෂණය ප්‍රමාණ කෙරෙන කියුමකි.
ගැමි ජීවන අත්දැකීම් පදනම් කර ගත් ගැමි වහරින් හා උපමාවෙන් පිරුළෙන් කතා රස ගැන්වීම ධර්මසේන හිමියන්ගේ රචනා රීතියෙහි දැකීමට ඇති විශේෂ ලක්ෂණයකි. ඒ බැව් තත් උදාහරණයන් ඇසුරින් ගම්‍යමාන වේ. අවසන් ලෙස මට්ටකුණ්ඩලී වස්තුව අගනා ධර්ම ග්‍රන්ථයක් ලෙස අගය කළ හැකිය.
(සංඝමිත්තා බාලිකා විද්‍යාලය
කිරිඳිවැල)
උසස් පෙළ විචාර ලයිස්තුව
>> පන්සිය පනස් ජාතක කතා පොත විචාරය 01
>> කුකුළු හැවිල්ල රසාස්වාදය 01
>> ඉගිළෙන සිහින කාව්‍ය රසාස්වාදය 01
>> මාර යුද්ධය නිසඳැස් කාව්‍ය රසාස්වාදය 01
>> වන්නියේ සැන්දෑව සාහිත්‍ය රසාස්වාදය 01
>> දේදුන්න පායාවි හෙටත් පාලම උඩින් රසාස්වාදය 01
>> ආදරණීය පාසල සාහිත්‍ය රසාස්වාදය 01
>> සද්ධර්මාලංකාරය (අතෘප්තිකර ආශාවන් නිසා පරිහානියට පත්වීම)
>> සද්ධර්මාලංකාරය ( පුද්ගල ජීවිතය තුළ ඇති හොඳ සහ නරක)
>>නවකතාව යනු කුමක්ද හා නවකතාවක අන්තර්ගත විය යුතු ලක්ෂණ
>>අනුරුද්ධ කුමාර කතා වස්තු විචාරය 01
>>අනුරුද්ධ කුමාර කතා වස්තු විචාරය 02
>>මට්ටකුණ්ඩලී කතා වස්තුව විචාරය 01
>>මට්ටකුණ්ඩලී කතා වස්තුව විචාරය 02
>>මට්ටකුණ්ඩලී කතා වස්තුව විචාරය 03
>>කොළඹ යුගයේ දෙවන කවි පරපුරේ පද්‍ය විචාරය 01
>>කොළඹ යුගයේ දෙවන කවි පරපුරේ පද්‍ය විචාරය 02
>> කොළඹ යුගයේ දෙවන කවි පරපුරේ පද්‍ය විචාරය 03
==========================
Comments